BREAKING NEWS
Search

රාජකාරියට බාධා කළ ප්‍රා.ස මන්ත්‍රී ඇතුළු තිදෙනකු අත්අඩංගුවට

245

එරගම ප්‍රදේශයේ නිවසකදී වරෙන්තු කරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව එරගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  එරගම, වට්ටුචේන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි  පුද්ගලයෙකු සහ 40 සහ 42 වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි.

අම්පාර මහේස්ත්‍රාත් උසාවියේ පවතින නඩුවකට අදාළව වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා එරගම, වට්ටුචේන ප්‍රදේශයේ නිවසකට ගිය  අව්ස්ථාවේදී එහි සිටි වරෙන්තු කරුගේ පියා ඇතුළු පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන්ට නිවසට ඇතුළු වීමට ඉඩ නොදී තිබූ බව පොලිසිය කියයි. අනතුරුව ඔවුන් සැකකරුට පලායෑමට ඉඩදී ඉඩමේ ගේට්ටුව ද වසා දමා පොලිස් නිලධාරීන්ට සාපරාදී බලහත්කාරය පා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *