popular awards සම්මාන උළෙල්දී හොදම නර්තන ශිල්පින් අතරට හැමෝම ආදරේ කරන අනු සහ කනුගේ නම යෝජනා වි තිබෙනවා. නමුත් එයින් ඉවත් වෙමින් අනු සහ කනු තම ෆේස්බුක් පිටුවෙහි මෙසේ සටහනක් තබා තිබෙනවා
මෙම සම්මාන උළෙලින් අප ඉවත් වීම සම්බන්ධවයි..!
ප්‍රථමයෙන්, අපව මෙම සම්මාන උළෙලට නිර්දේෂ කිරීම පිළිබඳව එහි සංවිධායකවරුන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.
මෙහි මුල්ම සම්මාන උළලේ දී එහි ජනප්‍රියම නර්තන ශිල්පිනිය සම්මානය දිනාගන්නට අපට ලැබීම පිළිබඳව අපගේ ගෞරවයද,නිහතමානී සතුට ද, ස්තුතිය ද පුදකරමි.
විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපන කටයුතු සහ අනෙකුත් වැඩ කටයුතු සමග මෙම වසරේ සම්මාන උළෙල සදහා සහභාගි වීමට අපහසුතාවයක් අති හෙයින් අපගේ නම මේ ලැයිස්තුවෙන් ඉවත් කරන මෙන් ඉතා ගෞරවයෙන් සංවිධායක මඩුල්ලෙන් ඉල්ලා සිටිමි. @popular awards
මේ දක්වා සියලු අභියෝග මැද අපි වෙනුවෙන් වචනයකින් හෝ අප හට සහයෝගය දැක්වූ අපට ආදරය කරන සියලුදෙනාට ඉදිරියටත් අපගේ අළුත්ම කලා නිර්මාණ සමග ඔබ හමුවීමට අප කටයුතු කරන බව මෙයින් දන්වා සිටිමි.ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි.ඔබට ස්තුතියි..!
– Anu & Kanu

















