BREAKING NEWS
Search

අනාරක්ෂිත දුම්රිය මාර්ගයක අනතුරක් – පුද්ගලයෙක් මරුට

352

කොච්චිකඩේ පොලිස් වසමේ ලුර්දු මාවත දෙසට තිබෙන අතුරු මාර්ගයක ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (05) උදෑසන කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

හලාවත සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක මෙම යතුරුපැදියක් ගැටී ඇත.

අදාළ අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේම මියගොස් ඇති අතර පසුපැදිකරු බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වෙයි.

එලෙස මියගොස් ඇත්තේ, පෙරියමුල්ල පල්ලිය පාර, මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *