BREAKING NEWS
Search

තරුණ AC කාර්මිකයන් තිදෙනෙක් අබිරහස් ලෙස මරුට

458

දකුණු දිල්ලියේ අම්බෙඩ්කාර් නගර් අසල දක්ෂින්පූරිහි කුලියට ගත් මහල් නිවාසයක වායු සමීකරණ කාර්මිකයන් තිදෙනෙකු මියගොස් සිටියදී සොයා ගෙන තිබේ.

තවත් අයෙකු එම ස්ථානයේම සිහිසුන්ව සිටියදී සොයා ගත් බවයි ඉන්දීය පොලිසිය පැවසුවේය.

මෙසේ සිහිසුන්ව සිටි පුද්ගලයා රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී.

හුස්ම හිරවීම හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බවට එරට පොලීසිය සැකපළ කරන අතර එසේ වීමට හේතුව අනාවරණය වී නොමැත.

සිව්දෙනාම වෘත්තියෙන් AC කාර්මිකයන් වන අතර ඔවුන් වයස අවුරුදු 20 ත් 25 ත් අතර පසුවන්නන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *