BREAKING NEWS
Search

කොස්ගම වෙඩිතැබීමක් – කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු රෝහලට

234

කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන් තිදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය පැවසීය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්ය.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මව, 12 හැවිරිදි දියණිය සහ තවත් 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *