රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවලට ඊයේ (04) රාත්‍රියේ හදිසියේම හමුදාව සහ පොලීසිය යෙදවීමට පියවර ගෙන තිබුණි.
ඊයේ (04) රාත්‍රී කාලයේදී අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරමින් මෙලෙස යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය එක්වී සියලුම මාර්ගවල ගමන්ගන්නා රථවාහන සහ පුද්ගලයින් පරීක්ෂා කිරීම සිදුකළ බවය.
ඉකුත් 03 වනදා රාගම සහ කඳාන යන ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි වාර්තා වූ අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබුණි.
මේ හේතුවෙන් මෙම ප්‍රදේශවල හදිසි පරීක්ෂා ඇතුළු සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන තිබූ බව වාර්තා වෙයි.


















