ඒත් වෙලා තියෙන්නේ හිතාගන්නවත් බැරි තරමේ වෙනස්ම සිද්ධියක්..
පාසල් ශිෂ්‍යාවක පාසල් යාමට නිල ඇඳුමින් නිවසේ සිට පැමිණ වඳුරඹ පොදු වැසිකිළියට ගොස් නිල ඇඳුම් ගලවා සිවිල් ඇඳුමකින් සැරසී ඇයගේ පෙම්වතා යැයි පැවසෙන තරුණයකු සමග පැන යාමට සුදානම් වී තිබෙනවා…
මෙම සිසුවියගේ ක්‍රියාකලාපය අවට සිටි පිරිස විසින් දැක රාජකාරි සඳහා පොලිසිය වෙත ගමන් කරමින් සිටි කාන්තා පොලිස් නිලධාරිනියකට දැන්වීමේන් පසු එම නිලධාරිනිය සිවිල් ජනයාගේ ද සහාය ඇතිව එම පාසල් ශිෂ්‍යාව හා පෙම්වතා යැයි පැවසූ අය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබුණා..
මෙසේ පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාව හා වඳුරඹ හෝටලයක සේවය කරන තරුණයකු බව පොලිසිය පවසනවා..
පසුව වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. සී. අයි. ක්‍රිෂාන්ත මහතා ප්රමුඛ නිලධාරීන් මෙම ශිෂ්‍යාවට හා එම තරුණයාට අවවාද කර ඔවුන්ගේ දෙමාපියන් කැඳවා දෙමාපියන්ට ද අවවාද කර දරුවන් භාරදී ඇති තර, බාල වයස්කාර දැරිවියකට සිදුවීමට ගිය බරපතල අපරාධයක් වඳුරඹ බස් නැවතුම්පොළෙහි රාජකාරි කළ වේලා සටහන් කරන නිලධාරී, ජනතාව හා තම කාන්තා පොලිස් නිලධාරීනිය කාලෝචිත ක්‍රියාත්මක වීම හා අවධානය යොමුකිරීම නිසා වැළකී ඇති බැව් පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා..


















