BREAKING NEWS
Search

බස් රථයක් පෙරළී බිහිසුණු අනතුරක් – ධාවනය වෙමින් තිබියදී රියදුරු දොර විවෘත වෙලා

2798

කුඩුගල සිට වත්තේගම හරහා මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ වත්තේගම ඩිපෝවට අයත් බස් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබේ.

අරලිය උයන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන නිවසක් අසළට පෙරළී ඇති අතර, එහි ගමන්ගත් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් අතරින් 08 දෙනෙකු ප්‍රතිකාර සඳහා වත්තේගම රෝහලට ඇතුළත් කර ඇත.

බස් රථය ධාවනය වෙමින් තිබියදී රියදුරු අසුන අසළ දොර හදිසියේ විවෘත වී තිබෙන බවත්, එය අල්ලාගැනීමට ගිය අවස්ථාවේ බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී බෑවුම වෙත ගමන් කර ඇති බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 25 දෙනෙකු පමණ ගමන්ගෙන තිබෙන අතර, තුවාල ලද කිසිවෙකුත් බරපතළ තත්ත්වයේ නොමැති බව වාර්තා වේ.

අනතුරින් අදාළ නිවසටද හානි සිදුව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *