BREAKING NEWS
Search

සුප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් මෝටර් රථ අනතුරකින් මරුට

2416

ලිවර්පූල් ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මිය ගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.

මෙම අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩකයයෙකු වන 26 හැවිරිදි ඇන්ඩ්‍රේ  ද  සිල්වා ද මියගොස් ඇත.

ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසි වී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ඩියෝගෝ ගිවිසගෙන සිටි රූට් කාර්ඩෝසෝ සමඟ පසුගිය ජුනි 22 වනදා විවාහ වී තිබේ.

විදෙස් මාධ්‍ය පවස්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියේ පටය ඔහු මිය යාමට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර ඇති බවය.

ඩියෝගෝ පසුගිය ලිවර්පූල් ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගැනීමට බෙහෙවින් දායක වූ අතර ජුනි මාසයේ පැවති නේෂන්ස් ලීගයේ අවසන් මහා තරඟයේදී ස්පාඤ්ඤය පරාජය කරමින් පෘතුගාලය වෙනුවෙන්ද ක්‍රීඩා කළේය.

විදෙස් මාධ්‍ය පවස්නේ ඩියෝගෝ ජාත්‍යන්තර තරඟ 50 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති අරත විශිෂ්ට ක්‍රීඩකයෙකු බවය.

එමෙන්ම ඩියෝගෝ ගේ සහ ඇන්ඩ්‍රේ ගේ අභාවය පෘතුගාල පාපන්දු ක්‍රීඩාවට පියවිය නොහැකි පාඩුවක් බවද සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *