BREAKING NEWS
Search

ආණ්ඩුව ජනතාව මුලා කරලා

38

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඉන්ධන මිල සූත්‍රය වෙනස් කර වරායේ ගොඩබාන මිලටම තෙල් පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට ප්‍රකාශ කළ වත්මන් ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිව ජනතාව මංමුලා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

ඇමතිවරුන්ට නිලධාරීන්ට යන කොමිස් මුදල් නතර කළා ද ඉන්ධන මත පටවන බදු බර නැති කළා ද කියා ජනතාවට දැන ගැනීමට අවශ්‍ය බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

දුර්වල අකාර්යක්ෂම බොරුකාර රැවටිලිකාර වත්මන් රජයේ ක්‍රියාපටිපාටිය තුළ රටේ ජනතාවට ලොකු හානියක් සිදුවන බවද ඉන්ධන මිළ ඉහළ යාම සම්බන්ධයෙන් කොලඹ විපක්ෂ නායක කාර්යාලයේදී  අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

අයිඑම්එෆ් 4 වැනි වාරිකය ලබා ගැනීමට කොන්දේසි ක්‍රියාත්මක කරන්නේද කියා ගැටලුවක් ඇති බවත්  තෙල් මිල ඉහළ දැමූ පදනම දැන ගැනිමට අවශ්‍ය බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *