BREAKING NEWS
Search

නාග ලොවින් පැමිණී බව කී රිටිගල රක්ෂිතයෙන් ඇල්ලූ සෘෂීවරයාට සිදු වූ දේ

1056

නාග ලොවින් පැමිණී සෘෂීවරයකු බව කියමින් රිටිගල අධි සංවේදී රක්ෂිතයේ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ඔහුගේ සහායකයා කහටගස්දිගිලිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ එක් අයෙකුට රුපියල් 100,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත බවයි අප වාර්තාකරු පවසන්නේ.
සැකකරුවන් වන සටත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ චෝදනා කිහිපකට අදාළවයි අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.
නඩු විභාගය ඉදිරියට ක්‍රියාත්මක් බවත් රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද අප වාර්තාකරු පවසනවා.
රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයේ කොඩිගල කන්ද ප්‍රදේශයට අනවසරයෙන් ඇතුල් වී අතරමංව සිටි පුද්ගලයින් දෙදෙනෙකු රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් ඉකුත් (26) බේරාගෙන අත්අඩංගුවට ගත්තා.
වනජීවි නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන් නාග ලොවින් පැමිණී සෘෂී වරයකු බවත් භාවනා කටයුතු සඳහා රිටිගලට පැමිණී බවයි.
සෙසු පුද්ගලයා තමන්ගේ ආවතේවකරු බවයි ඔහු පවසා ඇත්තේ.
සැකකරුවන් 35ස් හැවිරිදි වියේ පසුවන බවයි සඳහන්.
අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර, රාජාංගනය හා මාතලේ, ලග්ගල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
මොවුන් පුරාවිද්‍යා නටඹුන් සහිත ප්‍රදේශයෙන් ඔවුන් රක්ෂීතයට ඇතුල්වී කොඩිගල කන්ද තරණය කරණය කර තිබෙනවා.
ඇතුල්වීම තහනම් බව සඳහන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැන්වීම් පුවරුද නොසලකා ඔවුන් රක්ෂීතයට ඇතුල් වී ඇති බව වනජීවී නිලධාරීහු පවසන්නේ.
මොවුන් සන්තකයේ තිබී ගිණී පෙට්ටි, ලයිටර් හා ඡායාරූප හා වීඩියෝ කැමරාවක්, ඇඳුම් පැළඳුම් කිහිපයක්, හක් ගෙඩියක්, ඇට මාලයක්, කුඩා ප්‍රමාණයේ උඩැක්කියක් ඇතුලු භාණ්ඩ කිහිපයක් වනජීවි නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක ඩී රාමසිංහගේ උපදෙස් අනුව වනසත්ව අඩවි සහකාර ඒ.බී. විජේසිංහ, ක්ෂේත්‍ර සහයක ඩී.සි. බුද්ධීක, රියදුරු තුෂාර බණ්ඩාර ඇතුලු නිලධාරීන් සිදුකළ මෙහෙයුමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත්තා.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *