කතරගම සිට ආරයම්පති දක්වා ගමන්ගත් බස් රථයක් වන්දනාකරුවන් බස්සවා ආපසු පැමිණෙමින් තිබියදී කිරාන්කුලම් හිදී අනතුරකට ලක්ව තිබෙනවා.
මෙම අනතුර අද උදෑසන මඩකලපුවේ කාත්තන්කුඩි පොලිස් වසමට අයත් කිරාන්කුලම් ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුව තිබුණා.
කතරගම වන්දනා ගමන අවසන් කළ වන්දනාකරුවන් ආරයම්පති හි බස්සවා ආපසු කල්මුනේ ප්‍රධාන මාර්ගයේ තේත්තාතීවු දෙසට යමින් සිටි බසය කිරාන්කුලම් හි සරස්වතී විද්‍යාලය අසළදී බසය මාර්ගයෙන් ඉවතට පැන පාර අයිනේ ගසක ගැටීමෙන් මෙම බරපතල අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුර සිදුවන විට බස් රථයේ රියදුරු සහ සහායකයින් දෙදෙනෙකු බස් රථයේ සිටි ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද සඳහන්.
තුවාල ලැබූ පිරිස පාණ්ඩිරුප්පු හි කළුතාවෙල ප්‍රදේශයේ අය බවත් අනතුරින් බස් රථයට දැඩි හානි සිදුව ඇති බවත් ගසක් ද මාර්ගයට කඩා වැටී ඇති බවත් අප වාර්තාකරු පවසා සිටියා.
කාත්තාන්කුඩි රථවාහන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


















