BREAKING NEWS
Search

රන් මුදුව රැගෙන මගහැරී ටික්ටොක් පෙම්වතාට යස පාඩමක් ඉගැන්වූ පෙම්වතිය

7203

ටික් ටොක් මඟින්  දින කීපයකට ඉහතදී  මිතුරු වූ පෙම්වතා  රන් මුදුව රැගෙන මගහැරීම හේතුවෙන් උරණවූ  පෙම්වතිය,  පිරිසක්  යොදවා  පෙම්වතාට පහරදී කොල්ලකෑම සම්බන්ධයෙන් පෙම්වතිය ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වුවන් අතර පෙම්වතියගේ හොඳම මිතුරිය හා ඇයගේ පෙම්වතාද වන බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් තම මිතුරියගේ පරණ පෙම්වතාට පහරදීමෙන් අනතුරුව ඔහු සන්තකයේ තිබූ  රුපියල් 3000 ක මුදලක් , රුපියල් 150000 ක ඇපල් වර්ගයේ දුරකතනයක් , යතුරු පැදියට අයත් ආරක්ෂක හිස් වැසුමද  කොල්ල කා යතුරුපැදියටද රුපියල් 14000 ක අලාභයක් සිදු කරතිබිණි

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *