ඔබ දන්නවා අපි දවසකට ප්‍රධාන ආහාර වේල් තුනක් ගන්නවා.
මේ ආහාර ජීර්ණය වීමෙන් තමයි අපේ ජීවිතය නීරෝගීව පවත්වාගෙන යන්න අපට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් ලබා දෙන්නේ.
මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ අපේ මුඛයෙන්.පසුව අපේ ආමාශය ප්‍රධාන කර ගනිමින් මහ බඩවැල් ඔස්සේ ආහාර ජීර්ණයෙන් ලැබෙන පෝෂ්‍ය කොටස් අවශෝෂණය කර ගන්නවා.
නමුත් අපි කෑවට පස්සේ කරන සමහර පුරුදු වලින් මේ ක්‍රියාවලිය නිසි ආකාරයෙන් සිදු වෙන්නේ නෑ.එහෙනම් අපි බලමු ඒ පුරුදු මොනවද කියලා.
මේ කතාවට නම් ඔබට පුදුමත් හිතෙනවා ඇති.පලතුරු වල තන්තු තියෙනවා.මේ තන්තු ආහාර ජීර්ණය පහසු කරවනවා.ඒ වගේම පලතුරු වල තියෙන විටමින් වර්ග ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බවට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.අනිත් ආහාර වගේම පලතුරු ජීර්ණය කරන්න එන්සයිම ඕන වෙනවා.ඔබ කෑම ගත්තු ගමන් පලතුරු කෑවොත් ඒ ජීර්ණ ක්‍රියාවලි වෙකම එකපාර කරන්න සිද්ධ වෙනවා.නමුත් ඒ වගේ වේලාවකට පලතුරු ජීර්ණය හරි ආකාරයෙන් සිදු වෙන්නේ නෑ.මේ නිසා ඔබට පලතුරු වල තියෙන පෝෂ්‍යදායි කොටස් අවශෝෂණය කර ගන්න වෙන්නෙ නෑ.මේ නිසා ආහාර ගතතු ගමන් පලතුරු කන්න එපා.
ආහාර වේලකින් පස්සේ බඩ ඒක ජීර්ණය කිරීමට සූදානම් වෙනවා.ඒ මොහොතේ ඔබ නිදා ගත්තොත් වෙන්නේ ඒ ජීර්ණ ක්‍රියාවලිය අඩපණ වෙන් එක.මේ නිසා හදවත් රෝග ඇති වීමේ අවධානමක් හට ගන්න පුළුවන්.ඒ වගේම ආහාර දිරවීමේ ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්.ඒ නිසා දැනටමත් ඔබට ආහාර ගත්තු ගමන් නිදා ගැනීමේ පුරුද්දක් තියෙයි නම් එයින් අදම අත් මිදෙන්න.
දුම් පානය කරන ගොඩක් අයගේ පුරුද්දක් තමයි කාපු ගමන් දුම් පානය කරන එක.ඒක සමහරුන්ට නැතුවම බැරි දෙයක්.සිගරට් වල කිකොටින් කියන පිළිකා කාරක සංයෝගය තියෙනවා.පරීක්ෂණ වලින් සොයා ගෙන තියෙනවා දුම් පානය ජීර්ණ ක්‍රියාවලිය අඩපණ කරනවා කියලා.ඒ වගේම දුම් පානය කරන්නන්ගේ ඔක්සිජන් වල කිකොටින් වැඩි වශය්‍ර්න් අඩංගු වෙනවා.මේ තත්ත්වය ආහාර අවශෝෂණයට බාධා ඇති කරනවා.
කෑවට පසුව තේ බිව්වොත් ගත්තු ආහාර වල තියෙන යකඩ අවශෝෂණයට බධා ඇති කරනවා.අපේ ශරීරයේ ඉන්ද්‍රියන් වලට ඔක්සිජන් සැපයීමට අවශ්‍ය වන ඉතා වැදගත් සංයෝගයක් තමයි යකඩ කියන්නේ.ඒ වගේම රුධිර ස්‍යිල නිපදවීමටත් යකඩ අවශ්‍ය වෙනවා.කෑවට පස්සේ තේ පානය කලොත් ඒ යකඩ අවශ්‍යතාවය ශරීරයට ලබා ගන්න බැරි වෙනවා.ඒ වගේම තේ වල තියෙනවා ටැනික් කියලා අම්ලයක්.මේ අම්ලය යකඩ අවශෝෂණයට බාධා ඇති කරනවා.ඒකෙන් ඔබේ ශරීරයට අවශ්‍ය යකඩ අවශ්‍යතාවය නැති කරලා දාල රක්තහීනතාවය වැනි ලෙඩ වලට මුල පුරන්න පුළුවන්.
නෑමෙන් ශරීරයේ මාංශ පේශී වල ක්‍රියාකාරිත්වය වැඩි වෙලා ශරීර සෞඛ්‍ය නීරෝගී කරන අතරම මනස නිරවුල්ව තබා ගැනීමටත් උපකාරී වෙනවා.නමුත් කෑමෙන් පස්සෙ නෑවොත් ඔබේ ආහාර ජීර්ණය දුර්වල වෙන්න පුළුවන්.නාන වෙලාවට උදරයට ලේ ගලන්නේ අඩුවෙන්.ඒ නිසා ආහාර ජීර්ණය නිසි ආකාරයෙන් සිදු නොවෙන්න පුළුවන්.කෑමෙන් පැයකට පමන පසු නාන්න පුළුවන් නම් එය වඩාත් සුදුසුයි.
අපි ආහාර ගත්තු ගමන් අපේ උදරය ආහාර ජීර්ණය සඳහා උණුසුම් වෙනවා.තද ඇඳුම්.ඇඳීමෙන් වෙන්නේ අපේ බඩ තවත් තෙරපෙන එක.මේ නිසා ආහාර ජීර්ණය නිසි අයුරින් සිදු වෙන්නේ නෑ.ජීර්ණය පහසු වෙන්න නම් බඩ නිදහස්ව තියෙන්න ඕන.ජීර්ණය නිසි ආකාරයෙන් සිදුවෙන්නේ නැති නම් ඔබට උදරයේ අපහසුතා ඇති වෙන්න පුළුවන්.


















