BREAKING NEWS
Search

දාහකට දෙදාහකට ලෝබ නැතුව අත පුරෝලා ගුටි දීපු වල්ගමගේ සර්ගෙන්, එක ගුටියක් කාපු නැති එකම එකා මම

6186

දිනිති වල්ගමගේ ගැන ඉතින් අමුතුවෙන් අටුවා ටිකා ඕනේ නෑනේ. කාලෙන් කාලෙට ඇය හැම පැත්තෙන්ම පුවත් මවනවා.

ඒ නිසාම ඇය ගැන සමාජ මාධ්‍යය හරහා බලා ගෙන ඉන්න විශේෂ පිරිසකුත් ඉන්නවා.

කොහොම වුණත් ඔන්න ඇය දඟකාර, විසේකාර තරුණියක්, කලාකාරියක් වගේම ඇගේ දෙමාපියන්ට ආදරණීය දියණියක් බව නම් සැක නෑ.

ඒ අතරෙ ඇයගේ සහ ඇගේ පියා අතර ඇති බැඳීම හරිම අපූරුයි. ඉතින් තමන්ගේ ආදරණීය පියාගේ ජන්ම දිනය වෙනුවෙන් ඔන්න අද ඇය කාලෙකට පස්සේ ටිකක් වෙනස් විදිහක සටහනක් ඇගේ මුහුණුපොතට එක්කරලා තියෙනවා.

 

ඒ සටහන මේ වෙද්දිත් බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වෙලා තියෙනවා.

ඒ සටහන පහතින්,

“අපේ ගෙදර වාසනාවන්තම එකා මම නහයට අහන්නේ නැති කොල්ලො දාහකට දෙදාහකට ලෝබ නැතුව අත පුරෝලා ගුටි දීපු වල්ගමගේ සර්ගෙන්, එක ගුටියක් කාපු නැති එකම එකා මම. ඇයි මට ගැහුවෙ නැත්තෙ කියලා අහපු හැම වෙලාවෙම එයා කිව්වෙ, “ඔයා දිහා වැරදියට ඇහැක් ඇරලා බලන එකෙක්ගෙ ඇස් දෙක ගලවන්න හිතෙද්දී, මම ඔයාට අත ඉස්සුවොත් මට මගේ අත කපා ගන්න හිතෙයි මගෙ පුතේ” දුවෙක් ඉන්න ඕනම තාත්තා කෙනෙක්ට දෙන්න තියෙන්නෙ ඔය උත්තරේ තමයි.

සුභඋපන් දිනයක් තාත්තා

මීට, වල්ගමගේ සර්ගෙ දුව

ප.ලි. ඒකටත් එක්ක අම්මාගෙන් නම් කාලා ඇති, අතට අහුවෙන ඕනෑම දෙයක් යුධ අවියක් කර ගැනීමේ මහඟු බලයක් අපෙ අම්මා සතුයි. ඉලක්කෙට පහර දීම කියලා game එකක් තිබුනනම් අපෙ අම්මාගෙන් olympic gold medal එකක් sure. “

May be an image of 1 person and smiling

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *