BREAKING NEWS
Search

කුරුනෑගල සලිත කල ව්‍යාපාරිකයාගේ ඝාතනය ගැන තවත් තොරතුරු හෙළිවෙයි.

4724

කොන්ඩේ කපන්නට නිවෙසින් ගිය ව්‍යාපාරිකයකු ගිනි තබා මරා දමා තිබියදී  සොයා ගත් බව මහව මුලස්ථාන  පොලීසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ  කුරුණෑගල  දොරටියාව පොලීස්  වසමේ  පදිංචි  ව්‍යාපාරිකයකු බව පොලීසිය සදහන් කරයි.
මෙම  ව්‍යාපාරික තැනැත්තා  ඊයේ දහවල්  කොණ්ඩේ කැපීමට  යන බව පවසා  ජීප් රථයෙන් නිවසින් බැහැරව ගිය බව පවුලේ ඥාතීහු කියති.
ව්‍යාපාරිකයා සවස් වනතුරුත් නිවසට නොපැමිණිම හා ජංගම දුරකතනය  ක්‍රියා විරහිත කර තිබූ නිසා   බිරිය  දොරටියාව පොලිසියට ⁣පැමිණිල්ලක් කර ඇත.
මේ අතර කට්ටඹුවාව ප්‍රදේශයේ දියබැටේ ප්‍රදේශයක ජීප් රථයක් තුළ  කිසියම් පුද්ගලයක්  ගිනි තබා මරා දමා ඇති බවට හරකුන්  බැලීමට ගිය තැනැත්තකු සිද්ධිය  දැක මහව පොලීසිය දැනුවත් කර ඇත.

ඒ අනුව වැඩිදුර  කරුණු සොයා යාමේදී එම වාහනය හා පුද්ගලයා දොරටියාවෙන් අතුරුදන් වූ අය බවට හදුනාගෙන ඒ සම්බන්ධයෙන් ඔහුගේ බිරියට දැනුම් දී ඇත.

වාහනය තුළ මියගොස් ඇත්තේ තම සැමියා බවට හදුනා ගත් බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *