BREAKING NEWS
Search

දරුවන් දෙදෙනා අතරමං වුණේ කාගේ නොසැලකිල්ලෙන්ද..? මගී ජීවිත අවදානමකට ඇද දැමූ දුම්රිය ගමනක් ගැන ඇසෙන කතාව මෙන්න..

747
පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී සෑම විටම අපි ප්‍රවේසම් විය යුතූයි..

ඒ විතරක් නෙවෙයි, මහජනයාගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්න එම ප්‍රවාහන සේවා සපයන පිරිස් වගකිව යුතු වෙනවා..

අපේ රටේ දුම්රිය භාවිත කරන විශාල පිරිසක් ඉන්නවා.. ඒ හැම කෙනෙක්ටම මේ කියන්න යන කාරණය වැදගත් වේවි.. දරුවන් එක්ක ගමන් බිමන් යන ඔබත් මේ ගැන ටිකක් වැඩිපුර කල්පනා කරන්නට වේවි..

මේ සිද්ධිය වාර්තා වෙන්නේ රාගම දුම්රිය ස්ථානයෙන්..

ඊයේ පෙරවරු 9.25ට පමණ රාගම දුම්රිය ස්ථානයට ළඟාවූ මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය මගීන් සියලුදෙනා දුම්රියට නැඟීමට පෙර ධාවනය ආරම්භ කිරීම නිසා දුම්රියට නැඟගත් කුඩා දරුවෝ දෙදෙනෙක් සිය පියාගෙන් වෙන්වී අතරමං වී තිබෙනවා.. මෙසේ අතරමං වී ඇත්තේ වයස අවුරුදු 10ක තරමේ ගැහැනු දරුවා සහ වයස අවුරුදු 2ක පමණ පිරිමි දරුවක් බවයි වාර්තා වෙන්නේ..

මේ කුඩා දරුවන් දෙදෙනා කෝච්චියට නංවා ඇති අතර ඔවුන්ගේ පියා සහ වැඩිමහල් දියණිය රාගම දුම්රිය ස්ථානයේ ඉතිරි වුණා..

කෙසේ වෙතත් මෙලෙස අතරමං වූ මේ දරුවන් දෙදෙනා මාධ්‍යවේදියෙක් දැක ඇති අතර, දුම්රිය මගීන්ගේ තොරතුරු මත අතරමංව සිටි දරුවන් දෙදෙනා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති කාර්යාලය වෙත ගෙන ගොස් නිරුපද්‍රිතව භාරදීමට ඔහු කටයුතු කර තිබුණා.. එසේම මේ දරුවන් දෙදෙනා ගැන පණිවිඩයක් ලබාදීමට දුරකථන අංකයක් නොදැන සිටි අතර දුම්රියෙන් බසින ස්ථානයක් ද දැන සිට නැහැ..

දිවයින පුවත්පත ඇසුරෙන්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *