BREAKING NEWS
Search

දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක

85

අතිකාල ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසුවේය.

සිය ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බව ඔහු සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *