BREAKING NEWS
Search

විදෙස්ගතව සිටි පුද්ගලයෙකුගෙන් වට්ස්ඇප් හරහා දුරකථන ඇමතුමක් – මිද්දෙණිය තරුණයන් දෙදෙනාගේ ඝාතනය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

437

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මිද්දෙණිය, තෝරකොළයාය, තේක්කවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකුට ඝාතනය වූ දින විදෙස්ගතව සිටි පුද්ගලයෙකුගෙන් වට්ස්ඇප් හරහා දුරකථන ඇමතුමක් ලැබී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම එම දුරකථන ඇමතුමක ලබාදුන් පුද්ගලයාගේ අනුදැනුම මත මොවුන් දෙදෙනා වෙඩි තැබූ ස්ථානයට ගොස් ඇති බවටයි දැනට සිදු කරන ලද පොලිස් පරික්ෂණ වලින් අනාරණය වී ඇත්තේ.
වෙඩිවැදී මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුගේ මළසිරුරු මිද්දෙණිය තේක්කවත්ත ප්‍රදේශයේ තිබී ඊයේ රාත්‍රියේ හමුවී තිබුණා.
ඔවුන් දෙදෙනා පෙරේදා රාත්‍රී 10 පමණ තෝරකොළයාය තේක්කවත්ත ප්‍රදේශයේ මෙම පාළු මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කර ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා ඉලක්කකර මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 8ක් එල්ලකර ඇති බවයි විමර්ශන වලදී හෙලිවී ඇත්තේ.
ඉන් වෙඩි ප්‍රහාර 06 ක්ම ඔවුන්ට වැදී තිබෙනවා. යතුරුපැදිය පදවා ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි චමල් අබේකෝන් නමැත්තෙක් වන අතර ඔහු වෘත්තියෙන් බස්රථ රියදුරෙක්.
ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිට මීට සති දෙකකට පෙර දී නිදහස් වී පැමිණි අයෙක් බවයි පොලිසිය සදහන් කළේ.
මියගිය අනෙක් පුද්ගලයා තෝරකොළයාය ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කැලු‍ම් තුෂාර නැමැත්තෙක්.
පොලිසිය සැක පළකරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ ගැටලු‍වක් මත මෙම වෙඩිතැබීම සිදුව ඇති බවටයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *