BREAKING NEWS
Search

2025 උසස් පෙළ විභාගයට දින නියම වෙයි

1793

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වනදා සිට දෙසැම්බර් 5වන දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, ජුනි මස 26 දින සිට 2025 ජූලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතුව ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ අනුව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *