BREAKING NEWS
Search

රුසියානු ගුවන් ප්‍රහාරවලින් 17ක් මරුට – 100කට වැඩි පිරිසකට තුවාල

801

ගිනිකොනදිග යුක්‍රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, මෙම ප්‍රහාරයෙන් පාසල්, රෝහල් සහ මගී දුම්රියකට හානි සිදුව ඇති බවය.

ප්‍රහාරවලින් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ඊසානදිග සුමි නගරයේ සිදු වූ තවත් ප්‍රහාරවලින් කුඩා දරුවෙකු ඇතුළු තවත් තිදෙනෙකු මිය ගොස් ඇති බවය.

නෙදර්ලන්තයේ පැවති නේටෝ සමුළුවට යුක්‍රේන ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.

ආරක්ෂක විධිවිධාන සහ රුසියාවට තවදුරටත් සම්බාධක පැනවීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමුළුව අතරතුරදී වොලොදිමීර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිත බව වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *