BREAKING NEWS
Search

30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියට කල හිතාගන්නවත් බැරි දේ.

2242

සිය හැත්තෑ හැවිරිදි පෙම්වතියගේ රුපියල් එක්ලක්ෂ හැට දහසක් වටිනා රුපියල් එක්ලක්ෂ හැට දහසක් වටිනා ස්වර්ණාභරණ කොල්ලකා පලාගිය 30 හැවිරිදි පෙම්වතා සහ ඊට ආධාර අනුබල දුන් පෙම්වතාගේ මිතුරා පෙරේදා(17)දින අත්අඩංගුවට ගත් බව වාහල්කඩ පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාහල්කඩ ප්‍රදේශයේ පදිංචි මෙම 70 හැවිරිදි කාන්තාවගේ පෙම්වතා බව කියන 30 හැවිරිදි පුද්ගලයා හා ඔහුට ආධාර අනුබල දුන් 24 හැවිරිදි ධීවරයන් දෙදෙනෙකි.

මෙම කාන්තාව සිය සැමියා සහ දරුවා අත්හැර විවිධ ප්‍රදේශවල රැකියා කරමින් සිටින අතර ඇය මේ වනවිට නිවෙසක වැඩිහිටි අයෙක් බලාගනිමින් සිටින වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය ගලේවෙල ප්‍රදේශයේ නිවෙසක සේවය කරන අතරතුර වසරකට පමණ පෙර ජංගම දුරකථනයට මග හැරුණු ඇමතුමක් ලැබී ඇති බවත් පසුව ඊට නැවත ලබාගත් ඇමතුමක් මත දෙදෙනා හඳුනාගෙන අවස්ථා කිහිපයකදී ලැගුම්හල්වලට ගොස් තිබෙන බවත් අනාවරණය වී තිබෙන බවත් පොලිසිය පවසයි. පෙම්වතාගේ ඇරයුමක් මත මේ කාන්තාව වාහල්කඩ වැව් බැම්ම අසළට පැමිණි අවස්ථාවේ මෙම කොල්ලය සිදුකර ඇති බවත් එහිදී ඇතිවූ පොර බැදීම නිසා ඇය තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුලත් කොට ඇතැයිද පොලිසිය පැවසීය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වාහල්කඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්.ඒ.ඒ. සම්පත් මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

නොචිචියාගම- එම්.එම්.පී.ජී. පෙරේරා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *