BREAKING NEWS
Search

මැදපෙරදිග ගිය ශ්‍රීලංකන් ගුවන්යානා 05ක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙතට

1412

මැදපෙරදිග වෙත පියාසර කළ ශ්‍රීලන්කන් ගුවන්සමාගමට අයත් යානා 05ක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යවා තිබේ.

ඒ අනුව, මස්කට් ගුවන්තොටුපොළ සහ ඩුබායි ගුවන්තොටුපොළ වෙත ගුවන්යානා දෙක බැගින් හතරක් හරවා යවා ඇති අතර රියාද් ගුවන්තොටුපොළ වෙත එක් ගුවන්යානයක් හරවා යවා ඇති බව වාර්තා වෙයි.

මේ අතර ඩුබායි බලා පියාසර කළ FitsAir ගුවන්යානයක් මස්කට් වෙත හරවා යවා තිබුණි. එහෙත් එම යානය මස්කට් ගුවන්තොටුපොළේ ගොඩ බෑම සඳහා අවසර නොලැබී ම හේතුවෙන් යළි ඩුබායි වෙත හරවා යවා ඇත.

මෙම ගුවන්යානා කුවෙට්, අබුඩාබි සහ දෝහා වෙත පියාසර කළ ඒවා බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසීය.

මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන්නේ, කිසියම් ගුවන්යානයක් ශ්‍රී ලංකාව වෙත ගොඩ බැමේ සඳහා ඉල්ලීමක් කළ හොත් මත්තල ගුවන්තොටුපොළ සහ කටුනායක ගුවන්තොටුපොළ සූදානම් කර ඇති බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *