BREAKING NEWS
Search

කඩවත ගින්නක් – විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ඉල්ලයි

510

කඩවත නගර මධ්‍යයේ පිහිටි තෙමහල් වෙළෙඳසැලක  ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්නෙන් එම වෙළෙඳ සැළ සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා ගම්පහ සහ කොළඹ ගිනි නිවීමේ රථ පැමිණ ඇත.

ගින්න මේ වන විට පාලනය කරමින් පවතින අතර කඩවත සහ ඇල්දෙණිය විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පැමිණ එම ස්ථානයේ ආරක්ථාව තහවුරු කරමින් සිටින බවද වාර්තා වේ.

ගින්න හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත නගරය අවට දැඩි රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා ඇත්තේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා හැකිතාක් කඩවත නගර මධ්‍යට පැමිණෙන රථ වාහන විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *