BREAKING NEWS
Search

පැය 18ක් පුරා අමෙරිකාව සිදුකළ ඉතිහාසගත ප්‍රහාරය

614

පෙන්ටගන් හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ඩෑන් කේන් පවසන්නේ පැය 18ක් පුරා සිදුකළ මෙම ප්‍රහාරය Operation Midnight Hammer ලෙස නම් කල බවය.

එය ඉතිහාසගත වන්නේ බන්කර් බස්ටර් මිසයිල රැගෙන යන B 2 යානා යොදාගත් විශාලතම මෙහෙයුම වන නිසා බව ඔහු පවසයි.

මීට පෙර මෙවැනි ප්‍රබල ප්‍රහාරක යානා යොදාගත්තේ 9/11 ත්‍රස්ත ප්‍රහාරයට පසුව බව ඔහු පවසා ඇත.

මිසූරි හි white man ගුවන් කඳවුරෙන් නිකුත් වූ B2 යානා බලඇණිය සමග සමස්ත යානා 125 ක් මෙහෙයුම ට දායක විය.

ඒ B2 යානාවලට අහසේදී ඉන්ධන පිරවීමේ පහසුකමද ලබාගතයුතු වූ බැවින් ය.

කිලෝ 16,000කට ආසන්න පුපුරන ද්‍රව්‍ය රැගත් GBU බන්කර් බස්ටර් මිසයිල 14ක් ප්‍රහාරයට යොදා ගෙන ඇත්තේ ද ඉතිහාසයේ පළමු වරටය.

මෙම B 2 යානා ඉරාන ගුවන් කලාපයට ඇතුළු වී ප්‍රහාරය එල්ල කර ආපසු එන තෙක්ම කිසිදු ප්‍රති ප්‍රහාරයක් ද ඉරානයෙන් එල්ල වී නැත.

B 2 යානාවලට රේඩාර් පද්ධතිය මඟහැර යාමට ඇති හැකියාව ඉන් තහවුරු වී තිබේ.

ප්‍රහාරයෙන් ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට වූ හානිය චන්ද්‍රිකා ඡායාරූපවලින් දැක්වෙන අතර කොන්ක්‍රීට් විනාශ වීමෙන් ඇතිවූ සුදු පැහැ දූවිලිවල විසිරීමෙන් ඒ විනාශයේ තරම පෙන්වන බව සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *