BREAKING NEWS
Search

හැමෝම කම්පා කරමින් උඩු ගුවනෙදි තවත් මරණයක්, ශ්‍රී ලංකන් ගුවන් යානයක් තුල සිදු වූ ඛේදවාචකය

9220

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශ්‍රී ලංකන් යානයේ මගියෙකු උඩුගුවනේදී මිය ගිය බවට වාර්තා වේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ සිට චෙන්නායි බලා ගමන් කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක සිටි 45 හැවිරිදි මගියෙක් බව සඳහන්.

ඉකුත් සිකුරාදා දින ගුවනේදී හදිසි හෘද රෝගී තත්ත්වයකින් අඳාළ මගියා මිය ගොස් තිබෙනවා.

ඔහු ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචිකරු වන අතර නමින් කමල් බාෂා නම් අයෙක් බව ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මොහු විසින් ගුවන් යානයේ ගමන් කරමින් සිටියදී පපුවේ වේදනාවක් ඇති බව කියා පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව එහිදී ගුවන් සේවිකාවන් කඩිනමින් ඔහුට ප්‍රථමාධාර ලබා දී ගුවන් නියමුවාට මේ බව දැනුම් දී ඇත.

අනතුරුව ගුවන් නියමුවා හදිසි සහාය වෙනුවෙන් චෙන්නායි ගුවන් ගමනාගමන පාලන මධ්‍යස්ථානය අමතා ඇති බවට වාර්තා වේ.

කෙසේ වෙතත් සියලු උත්සාහයන් ප්‍රතිඵල රහිත වී ඇත්තේ අඳාළ මගියාගේ ප්‍රාණය අහිමි කරමින්.

ඒ අනුව ගුවන්තොටුපල පොලිසිය විසින් මියගිය පුද්ගලයාගේ මෘත දේහය භාරගෙන මරණ පරීක්ෂණය සඳහා යවා ඇති බවට වාර්තා වේ.

එසේම මේ පිළිබඳව නඩුවක් ද පවරා ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් ඇති බව සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *