BREAKING NEWS
Search

ඊශ්‍රායලයේ නවතම තත්ත්වය ගැන ශ්‍රී ලංකාතානාපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්

309

ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයන්ට හෝ වෙනත් කිසිවෙකුට සිදු වූ තදබල හානි වාර්තා නොවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර පවසනවා.

සිය මුහුණු පොතේ සටහනක් තබමින් තානාතිපතිවරයා සදහන් කර ඇත්තේ ඉරාන – ඊශ්‍රායල් යුද්ධයේ දසවන දිනය වන අද ඩ්‍රෝන ප්‍රහාර පිළිබදව වාර්තා වුවද තදබල ප්‍රහාරයන් පිලිබද වාර්තා වී නොමැති බවයි.
ඊශ්‍රායලයේ ජන ජීවිතය සාමන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර වෙළඳසැල් විවෘතව පවතී.
රජයේ අත්‍යවශ්‍ය සේවා නිසි පරිදි ක්‍රියාත්මක වන අතර පාසාල් හා විශ්ව විද්‍යාල වල ඉගැන්වීම් අන්තර් ජාලය ඔස්සේ සිදු කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර සිය මුහුණු පොතේ තැබූ සටහනේ වැඩිදුරටත් සදහන්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *