BREAKING NEWS
Search

විදුලි සෝපානයකින් ඇදවැටී 19 හැවිරිදි තරුණයෙකුට අත් වූ සෝචනීය ඉරණම

232

යාපනය පොලිස් වසමේ පන්නේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක විදුලි සෝපානයකින් ඇදවැටී තරුණයෙකු මියගොස් තිබේ.

ඊයේ (21) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, නිර්වේලි, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

මරණකරු මෙම හෝටලයේ සේවකයෙකු වශයෙන් කටයුතු කරන අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර ඇති විදුලි සෝපානයේ අනාරක්ෂිතව ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *