BREAKING NEWS
Search

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2071

අපොස සාමාන්‍ය පෙළ 2024 (2025) විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (21) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සංසරණය වන බවය.

කෙසේ නමුත් අදාළ විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් නොකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

ඒ අනුව අද මැදියම් රැයේදී සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදු නොවන බවත් ප්‍රතිඵල නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සියලු පුවත් සාවද්‍ය වන බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *