BREAKING NEWS
Search

දේශපාලන පක්ෂ 6ක ක්‍රියාකාරීත්වය තාවකාලිකව අක්‍රිය කරයි

395

දේශපාලන පක්ෂ 6ක ක්‍රියාකාරීත්ව තාවකාලිකව අක්‍රිය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පක්ෂ අභ්‍යන්තරයේ පවතින ආරවුල් මත අදාළ පක්ෂ දැනට අධිකරණ ක්‍රියාවලි වෙත යොමුවී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.

අදාළ පක්ෂවල නිලධාරී මණ්ඩල සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකු ඉදිරිපත් වීම හේතුවෙන් නීතිමය ගැටලු මතු වී ඇති බැවින් එම පක්ෂ අදාළ ගැටලු විසඳා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වී තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ, එම අධිකරණ කටයුතු අවසන්වී නිල මණ්ඩලය නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමක් සිදු කළහොත් හෝ ඔවුන් යම් එකඟතාවකට පැමිණ නිශ්චිතව ඒ බව සඳහන් කළහොත් එම පක්ෂ අක්‍රීය පක්ෂ පිළිබඳව මැතිවරණ කොමිසමට සලකා බැලිය හැකි බවය.

ඒ අනුව, අදාළ නීතිමය කටයුතු අවසන් වනතෙක් එම පක්ෂවලට මැතිවරණ සඳහා නාමයෝජනා භාරදීමේ හැකියාවක් නොමැති බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *