BREAKING NEWS
Search

ඉදිරියේදී ගුරු බඳවා ගන්නේ මෙහෙමයි. පැරණි ක්‍රමය වෙනස් වෙයි

12976

ඉදිරියේදී ගුරුවරු බඳවා ගැනීමේදී විෂයානුබද්ධව පමණක් බඳවාගැනීම් සිදුකරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේය. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(20) පාර්ලිමේන්තුවේදී ජාතික පාසල්වල ගුරු හිඟය සම්බන්ධයෙන් යොමුකළ වාචික් ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විවිධ විෂයන් සඳහා අති විශාල ගුරු පුරප්පාඩු තොගයක් නිර්මාණය වී ඇති බවත් ගුරුවරු විසිර යාම වැනි හේතූන් නිසා මේ ආකාරයෙන් ගුරු හිඟයක් ඇතිවී ඇති බවටත් සඳහන්.

ඒ අනුව උපාධිධාරින් සහ විද්‍යාපීඨ බඳවාගැනීම් වලදී විෂයානුබද්ධ ගුරුවරු බඳවා ගැනීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී. ජාතික සහ පළාත් පාසල්වලද ගුරුවරුන්ගේ දත්ත පද්ධතිය නිසායාකාරව යාවත්කාලීන වී නැති බවත් ගුරුවරුයාා උගන්වන්නේ කුමන පාසලේද, විශ්‍රාම යන දිනය ආදී තොරතුරු නිසි පරිදි යාවත්කාලීන කර ඉදිරියේදී ගුරු හිඟය විසඳීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *