BREAKING NEWS
Search

අලුත් ගුවන් යානය ගිය මංගල ගමන

588

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් අලුතින් මිලදී ගත් එයාර් බස් A330 – 200 ගුවන් යානය සිය ප්‍රථම මංගල ගුවන් ගමන අද (21) මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසුවේ එම ගුවන් යානය අද දහවල් 01.48ට කටුනායක ගුවන් තොටුපොලින් පිටත්ව ගිය බවය.

මෙම ගුවන් යානය අද මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට ද නියමිතය.

පුළුල් බඳ සහිත මෙම නවතම එයාර් බස් ගුවන් යානය පසුගිය 04 වැනි දින උදෑසන ප්‍රංශයේ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

එතැන් සිට ගුවන් යානය ලියාපදිංචි කිරීම ඇතුළු තවත් වැදගත් ජාත්‍යන්තර වශයෙන් රාජකාරී කටයුතු රැසක් නිම කිරීමෙන් පසු මෙම ගුවන් යානය සිය ප්‍රථම මංගල ගුවන් ගමන සඳහා කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව ගොස් ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *