BREAKING NEWS
Search

ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

187

ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීමට අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇත.

ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු විධිමත් ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය මේ බව අද (21) ප්‍රකාශ කර ඇත.

මීට අමතරව ඉරානයේ සිටින නේපාල ජාතිකයන්ටද මෙලෙසම සිය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත්ව සිටියි.

ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේ, අසල්වැසි රටවල් දෙකෙහිම පුරවැසියන් ඉවත්කිරීම ‘සින්ධු මෙහෙයුම’ යටතේ සිදුකරන බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *