ඒත් හැම දෙයක්ම වෙනස් වෙන්න ගත වුණේ බොහොම ටික වෙලාවක් විතරයි..
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පදිංචි පුද්ගලයෙකු සිය ගැබිනි බිරිඳගේ ගෙල සිරකර ඝාතනය කර තිබෙනවා.. බිරිඳගේ ඝාතනයෙන් පසු ඔහුද සියදිවි නසා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..
මෙම ඝාතනයට හේතුව පෞද්ගලික ආරවුලක් බවට පොලිසිය සැක කරනවා..
කෙසේ වෙතත්, නිශ්චිත හේතුව සොයා ගැනීම සඳහා පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ..
මොවුන් දෙදෙනා විවාහ වී වසර 15ක් බවයි ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ.. එමෙන්ම ඇයගේ දරු ප්‍රසූතිය එළඹෙන ජුලි 2 වැනිදා බවටයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ..


















