BREAKING NEWS
Search

පෙම් සබඳතාවය නතර කල නිසා කිපුණු එක් දරු පියා තම පෙම්වතියට කල අපරාධය

5423

සිව් වසරක් පෙම් කළ තරුණයා එක්දරු පියකු බව දැනගත් විශ්ව විද්‍යාල සිසුවිය  පෙම් සබඳතාවය නතර කිරීමත් සමගම එයට උරණව තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරී එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තේගොඩ කුඩාමාදුව පාර සිසිල් සෙවණ උද්‍යානයේ පදිංචි  එක්දරුපියකි.

එම සැකකරු සමග  පැමිණිලිකාර තරුණියගේ සහ වෙනත් කාන්තාවගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය දර්ශන රැසක් ඇතුළත් ජංගම දුරකථය සහ ලැප්ටෝෆ් වර්ගයේ පරිගණකයද පොලිස් භාරයට ගෙන ඇත.

දකුණු පළාතේ පදිංචි 26 හැවිරිදි  පැමිණිලිකාරිය  2022 වසරේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා හෝමාගම ප්‍රදේශයේ පුද්ගලික විශ්ව විද්‍යාලයක් සඳහා ඇතුළත් වී ඇති අතර එම විශ්ව විද්‍යාලයේම අධ්‍යාපනය ලබමින් සිටින අතරතුර  සැකකරුද හඳුනාගෙන පසුව ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබූ බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *