BREAKING NEWS
Search

රෝගියෙකු බලන්න නුදුන්නැයි මළපැනලා රංගන ශිල්පියෙක් රෝහලේ ඩෙඟා නටලා

1503

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රෝගියකු බැලීමට අවසර ලබා නොදුන්නැයි උරණ වී හෝමාගම මූලික රෝහලේ ආරක්ෂක නිලධාරියකුට පහර දුන් බව කියන ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු අත් අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු බව සදහන්.

මෙම පුද්ගලයා මිතුරන් සිව් දෙනකු සමඟ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය මව බැලීම සඳහා හෝමාගම මූලික රෝහලට ගොස් තිබේ.

රෝගියා බැලීමට දී ඇති එක් අවසර පත්‍රයකින් ඇතුළු විය හැක්කේ දෙදෙනකුට පමණක් බැවින් අනිත් දෙදෙනාට ඇතුළු වීමට ආරක්ෂක නිලධාරියා අවසර දී නොමැත.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරියා සමඟ වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් රංගන ශිල්පියා විසින් ආරක්ෂක නිලධාරියාට පහර දුන් බව රෝහල් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්.

පසුව ආරක්ෂක නිලධාරියා මූලික ප්‍රතිකාර ඒකකයට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ඇති අතර පසුව රංගන ශිල්පියා හෝමාගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් සමථයකට පත්වීමට දෙපාර්ශ්වය එකඟ වීම නිසා රංගන ශිල්පියා නිදහස් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *