අමෙරිකාව, දකුණු කොරියාව හා ජපානය එක්ව කොරියානු අර්ධද්වීපයේ සිදුකළ ගුවන් අභ්‍යාසයෙන් පැය කිහිපයකට පසු උතුරු කොරියාව සිය අගනුවර ආසන්න මුහුද දෙසට රොකට් 10ක් පමණ දියත්කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
උතුරු කොරියාවේ අගනුවර වන Pyongyang මායිමේ පිහිටි සුනාන් ප්‍රදේශසේ සිට බහු රොකට් විදින යන්ත්‍රවලින් මෙම රොකට් දියත් කර ඇති බව දකුණු කොරියානු හමුදා තහවුරු කර ඇත.
දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් මෙම මස මුලදී බලයට පත්වීමෙන් පසු උතුරු කොරියාව සිදුකළ පළමු රොකට් දියත් කිරීම මෙය බව වාර්තා වේ.
අමෙරිකාව, දකුණු කොරියාව හා ජපාන ඒකාබද්ධව සිදුකර ඇති යුද අභ්‍යාසයට දකුණු කොරියානු F-15K, අමෙරිකානු F-16 සහ ජපාන F-2 ප්‍රහාරක යානා සම්බන්ධ වී තිබේ.
එය උතුරු කොරියානු තර්ජනවලට එරෙහිව ගැඹුරු සහයෝගීතාවයක් පෙන්නුම් කරනු ඇති බව සඳහන්.




















