BREAKING NEWS
Search

කථානායකට එරෙහිව විපක්ෂය කරන්න යන දේ මෙන්න

184

කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට සහ අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බව විපක්ෂය පවසයි.

විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී. පෙරේරා මහතා ඒ බව පැවසීය.

මැතිසබයෙන් පිටව යෑමෙන් පසු පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී විපක්ෂ නියෝජිතයන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ කථානායකවරයා ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස කටයුතු කරමින් සිටින බවය.

ඉරාන ඊශ්‍රායල ගැටුමෙන් මෙරටට ඇති බලපෑම සම්බන්ධයෙන් අදහස් පළකිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කථානායකවරයා අවස්ථාවක් ලබානොදෙන බව පවසා ඊට විරෝධය පළකරමින් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (17) පාර්ලිමේන්තුවේදී සභා ගර්භයෙන් පිටව ගොස් තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *