BREAKING NEWS
Search

ලන්ඩන් යන්න ගිය එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

4269

එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන්ගත කිරීමට පෙර ගුවන්ගමන අවලංගු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම යානය අහමදාබාද් සිට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම යානය පසුගිය දා අනතුරට ලක්වූ AI 171 යානය වෙනුවට ලන්ඩන් බලා පියාසර කිරීමට නිමියතව තිබූ AI 159 දරණ නව ගුවන්යානයයි.

බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයක් වන AI 159 ගුවන් යානය පස්වරු 1:10ට පිටත්වීමට නියමිතව තිබුණද, දෝෂයක් අනාවරණය වීමෙන් පසු ගුවන් ගත කිරීමට පැය කිහිපයකට පෙර එය නතර කරන ලදී.

ගුවන් ගමන අවලංගු කිරීම හේතුවෙන් මගීන් 200කට වැඩි පිරිසක් පීඩාවට පත් වූ බව සඳහන්ය.

පසුගිය දා සිදු වූ ගුවන් අනතුරෙන් පසු අහමදාබාද්-ලන්ඩන් එයාර් ඉන්දියා ගුවන් ගමනක් අවලංගු කළ දෙවන අවස්ථාව මෙය වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *