මන්ත්‍රීවරියට වෙඩි තැබූ සැකකරු අල්ලයි

189

ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මන්ත්‍රීවරිය සහ ඇගේ සැමියා ඝාතනය කළ වෙඩික්කරු අල්ලා ගැනීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ සමත්විය. වෙඩිඩකරු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණේ පොලිසිය සහ එෆ්.බී.අයි. කාර්යාංශය එක් වෙමිනි.

වෙඩි තබා ඝාතනය කෙරුණේ මෙලීසා හා්ට්ර්මැන් නමැති ඩිමොක්‍රික් පක්ෂයේ මිනසෝටා ජනපදයේ මන්ත්‍රීවරියයි. ඇගේ මාර්ක් ද වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය.

ඊට අමතරව, ඩිමොක්‍රටික් ජනපද  සෙනෙට්සභික ජෝන් ඒ. හොෆ්මන් සහ ඔහුගේ බිරිඳ වයෙට්ට ද වෙඩි ප්‍රහාරයක් එල්ල විය. වෙඩි ප්‍රහාර එල්ල වූයේ වෙඩික්කරු පොලිස් නිලධාරියකුමෙන් සැරැසී මොවුන්ගේ නිවෙස්වලට යමිනි.

වෙඩි තැබීම කළ සැකකරු 57 හැවිරිදි වෑනන්ස් බොයෙලටර් නමැත්තා බව එෆ්.බී.අයි. පරීක්ෂකවරු පවසති. මොහු අල්ලා ගැනීමට හැකි වූයේ දින දෙකක් තිස්සේ ලුහුබැඳීමෙන් පසුව යැයි ද පැවැසෙයි. සිද්ධිය ගැන තවමත් විමර්ශන පැවැත්වෙයි.

(ඒ.එෆ්.පී.)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *