BREAKING NEWS
Search

හනා ,බාචි , චාමර ඇවටර් එක්ක ඇමරිකාව හොල්ලයි. තාල 2K25ට වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂනයක්

45

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඇමරිකාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයන්ට නැවුමු ප්‍රේක්ෂක ආකර්ෂනයක් ලබාදෙමින් වැඩිම ඉල්ලුමක් සහිතව තාල 2K25 ප්‍රසංග මාලව ඇමරිකාව පුරා මේ වන විට සාර්ථකව සංවිධානය වෙමින් පවතිනවා. ජුනි මස 7 වනදා වොෂින්ටන් D.C නගරයෙන් ආරම්භවුනු ප්‍රසංග මාලාව 14 වෙනිදා නිව්යොර්ක් නගරයේදි ඉහල ඉල්ලුමක් පැවති ප්‍රසංගයක් ලෙස පැවැත්වුනා. මේ මස 21 වෙනිදා ඇමරිකාවේ හුන්ස්ටන් නගරයෙත් මේ මස 28 වෙනිදා ලොස් ඇන්ජලීස් නගරයෙත් අවසන් ප්‍රසංග දෙක පැවැත්විමට නියමිත අතර දැනටම එම ප්‍රසංග සඳහා ඉහල ප්‍රේක්ෂක ආකර්ෂනයක් ඇදෙමින් පවති.

චාමර වීරසිංහ, හනා ශෆා, බාචි සුසාන් නම් ජනප්‍රිය ජනකාන්ත ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ ප්‍රථම ඇමරිකානු සංචාරය ලෙස මෙය ඉතිහාසගතවන අතරම මේ දිනවල ශ්‍රි ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් වන ඇවටාර් සංගීත කණ්ඩායම ප්‍රසංගයේ සංගීතමය ආශ්වාදය සපුරයි. මේ දිනවල ජනප්‍රියම යොවුන් ගායිකාවක් වන ඇමේලියා විජේසුරිය නියොජනය කරන සංගීත කණ්ඩායම වන්නේද ඇවටාර් සංගීත කණ්ඩායමයි.

ඇමරිකාවේ වෙසෙන ශ්‍රිලාංකිකයන්ට පිදෙන මෙම වෙනස්ම නැවුම් සංගීතමය ඇත්දැකිම සහ ඉදිරි ප්‍රසංග සමඟ සියලුම ඇමරිකාවේ වෙසෙන ලාංකිකයන් ආදරෙයෙන් ඇත්වැල් බැඳගනු ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *