ඉරානයේ මිසයිල ප්‍රහාරවලින් දැඩි කම්පන ඇති වූ පසු ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් ඇගේ සත්කාරක පවුල සමඟ එම ස්ථානයෙන් ඉවත් වූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කරනවා.
තවත් ශ්‍රී ලාංකික කාන්තාවකට සුළු තුවාල සිදුවී ඇති නමුත් ඇගේ තත්ත්වය බරපතල නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.
එමෙන්ම, බලපෑමට ලක් වූ හෝ අනතුරේ සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට වහාම තානාපති කාර්යාලය අමතනන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී සිටිනවා.

















