පිත්තාශය පිපිරී අවසන් ගමන් ගිය විශේෂඥ වෛද්‍යවරයකු ගැන ඇසෙන සවේදී කතාව

39315

වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පිත්තාශය පිපිරී හදිසියේ මියගොස් ඇති බව රෝහලේ පාලන අංශය පවසයි.

කොළඹ පෞද්ගලික රෝහලකදී මෙසේ මියගොස් ඇත්තේ වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා වූ දුමින්ද සමන් කුමාර මහතා බව වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී නයනජිත් බණ්ඩාර මහතා පැවසීය.

ඔහු පසුගිය වසරේ පෙබරවාරි මස සිට වතුපිටිවල රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා ලෙස සේවය කරමින් සිට ඇත.

මෙම විශේෂඥ වෛද්‍යවරයාට හදිසියේ ඇතිවූ හෘදයාබාදයක් මත කොළඹ පෞද්ගලිත රෝහලට ඔහු ඇතුළත් කර ඒ සදහා බයිපාස් සැත්කමක් සිදු කිරීමට සූදානම් කර තිබියදී රෝහලේදී ඔහුගේ පිත්තාශය පිපිරී ඔහු මෙසේ හදිසියේ මියගොස් ඇති බව වතුපිටිවල රෝහලේ වෛද්‍ය අධිකාරී නයනජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

මල සිරුර පිළිබදව පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය අද (11දා) දහවල් පවත්වා ඇත.

කොරතොට පාර, කඩුවෙල පදිංචිව සිට ඇති විශේෂඥ වෛද්‍ය දුමින්ද සමන් කුමාර මහතා මියයනවිට 49 වැනි වියෙහි පසුවිය. ඔහු දෙදරු පියෙකු වේ.

ආර්ථික අපහසුතාවලින් පෙළෙන දුගී දුප්පත් අක්ෂි රෝගීන් පනස් දෙනකුට අක්ෂිකාච බද්ධ කිරීමේ ශල්‍යකර්ම 50ක් මෙම 13 වැනි දින වතුපිටිවල රෝහලේදී සිදු කිරීමට විශේෂඥ වෛද්‍ය දුමින්ද සමන් කුමාර මහතා සැලසුම් කර තිබියදී ඔහු මෙසේ මියගිය බව රෝහලේ අක්ෂි වාට්ටුවේ හෙදි කාර්ය මණ්ඩලය පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *