තවත් සිරකරුවන් 68ක් අනීතිකව එළියට ගිහින්

184

පසුගිය නිදහස් දින වෙනුවෙන් සහ ඉකුත් නත්තල් දිනය වෙනුවෙන් ජනපති සමාව ලබාදීම සදහා අනුමැතිය ලද නම් ලැයිස්තුවේ නොමැති සිරකරුවන් 68 ක් අනීතිකව නිදහස් කර ඇති බව නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ඔහු ඒ බව පැවැසූවේ අද  පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ පසුගිය නත්තල් දින වෙනුවෙන් ජනපති සමාව ලබාදීම සදහා අනුමැතිය දී තිබූ නම් ලැයිස්තුවේ නොමැති සිරකරුවන් 57 ක් සහ නිදහස් දින සදහා ජනපති සමාව ලද නම් ලැයිස්තු වේ නොමැති සිරකරුවන් 11 ක් අනීතිකව නිදහස් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ගුණසේකර මහතා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *