BREAKING NEWS
Search

ගුවන් ගතවී තත්පර තිහකට පසු විශාල ශබ්දයක් ඇති වුණා – බිහිසුණු ගුවන් අනතුරෙන් දිවි බේරාගත් මගියා හෙලිකල දේ

3203

මගීන් 200කට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින් අද (12) පස්වරුවේ සිදු වූ බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අනතුරෙන් පැය කිහිපයකට පසු ඉන්දීය මාධ්‍ය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය කිහිපයක්ම තහවුරු කරනු ලැබුවේ ගුවන් අනතුරෙන් එහි සිටි සියලු දෙනාට දිවි අහිමි වූ බවය.

කෙසේ නමුත් අදාළ ගුවන් යානයේ 11A ආසනයේ සිටි මගියා මේ වනවිට දිවි බේරාගෙන තිබේ.

මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ ඉන්දීය සම්බවයක් ඇති විශ්වාෂ් නම් 40 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ය. ඔහු තම පවුලේ අය බැලීම සඳහා දින කිහිපයකට ඉන්දියාවට පැමිණ තිබේ.

විශ්වාෂ්, සිය සහෝදරයා වන සමග නැවත එක්සත් රාජධානිය වෙත යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණපා ඇත.

මේ වනවිට ඔහු අහමදාබාද්හි අසාර්වා රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටියි.

“ගුවන් ගතවී තත්පර තිහකට පසු විශාල ශබ්දයක් ඇති වුණා. ඒ සමග යානය කඩා වැටුණා. ඒ සියල්ල ඉතා ඉක්මනින් සිදුවුණා” දිවි බේරාගත් විශ්වාෂ් පවසයි.

කෙසේ නමුත් ඔහුගේ පපුවේ, ඇස්වල සහ පාදවලට තුවාල සිදුව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *