අනතුරට පත් ගුවන් යානයේ සිටි මගීන් ගැන අනාවරණයක්

429

ඉන්දියාවේ දී අනතුරට ලක් වූ ‘එයාර් ඉන්දියා’  ගුවන් යානයේ සිටි මගීන්ගේ වාර්තාවක් එම ගුවන් සේවය නිකුත්කර ඇත.

අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කළ ‘AI 171’ නම් ගුවන් යානය අද (12)  ගුවන්ගත වී තත්ත්පර කිහිපයකට පසු එනම්, ඉන්දීය වේලාවෙන් ප.ව. 1.38ට පමණ මෙම අනතුර සිදු වූ බව එයාර් ඉන්දියා ගුවන් සේවය තහවුරු කර තිබේ.

බෝයිං 787-8 වර්ගයේ යානයක් මෙම අනතුරට ලක් ඇති අතර, එහි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242ක් සිට ඇත.

ඉන් 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර, 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්ය.

ඊට අමතරව එක් කැනේඩියානු ජාතිකයෙක් සහ පෘතුගාල ජාතිකයන් 7ක් සිට ඇත.

තුවාල ලැබූවන් ළඟම ඇති රෝහල් වෙත රැගෙන යමින් තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *