BREAKING NEWS
Search

බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

489

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර අධිකාරී ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස සිය ඉල්ලා අස්වීම භාර දී ඇති බව සඳහන්ය.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

ඒ අනුව දිවයින පුරා බන්ධනාගාර අධිකාරී තනතුරුවල වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වැඩතහනමට ලක්කිරීමත් සමඟ එහි වැඩබැලීම අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන නිශාන් ධනසිංහ මහතාව පත් කෙරුණි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *