BREAKING NEWS
Search

නීතියට පිටින් සිරකරුවන් මුදාහැරීමේ පරීක්ෂණ දැන් අතීතයට ගිහින්

95

ජනපති පොදු සමාවට මුවා වී වැරදි ආකාරයට සිරකරුවකු නිදහස් කිරීමේ සිද්ධිය ගැන ආරම්භ කර ඇති පරීක්ෂණ දැන් අතීතයට ගමන් කරමින් සිටින බවත් එම පරීක්ෂණ කොතනින් කෙළවර වේදැයි තමන්ට කිව නොහැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මේ අනුව වැරදි ආකාරයට සිරකරුවන් නිදහස් කිරීමට වගකිව යුතු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් දැන් එම සියලු පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (11දා) මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වැඩ තහනම් කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කළේ එම පරීක්ෂණ කටයුතු බාධාවකින් තොරව සිදුකිරීම බවද එම වැඩ තහනම් කාලයේ ඔහුට ගෙවන්නේ අඩ වැටුපක් බවද ඇමැතිවරයා කීවේය.

බන්ධනාගාරවල සිදුවන වැරදි හා අනීතික ක්‍රියාවලියට එරෙහිව රජය කටයුතු කරමින් සිටින බවද ඇමැතිවරයා තවදුරටත් කියා සිටියේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *