BREAKING NEWS
Search

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

329

බුද්ධාගම එන්න කලින් තිබුණ සංස්කෘතියක තොරතුරු අම්පාර, සමන්ගල පුරාවිද්‍යා භූමිය ආශ්‍රිතව කළ ගවේෂණයෙන් හමුව තිබෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා පවසයි.

“සමන්ගල ලෙන් ආරාම සංකීර්ණයක් හැදෙන්නේ මේ සංස්කෘතියෙන්. මේ සංස්කෘතිය රට පුරා.. ව්‍යාප්ත වෙන්න බෞද්ධාගම හොඳ තෝතැන්නක් වෙනවා.”

බුද්ධාගම එන්න කලින් තිබුණු සංස්කෘතියක තොරතුරු තමා අපිට මේ හම්බ වෙන්නේ, ඒ සංස්කෘතිය තිබුණේ ක්‍රිස්තු පූර්ව 2400කට එහෙම නැත්නම් අදින් අවුරුදු 4400කට පෙර. බුද්ධ කාලය අවුරුදු 2500ක් විතර ඇති. මේක අවුරුදු දහස් ගණනකට පෙර සංස්කෘතියක්” යනුවෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

මෙම පරිශ්‍රයේ තිබී මැටිවලින් කරන ලද සොහොන් ස්මාරකයක් ද හමුවී ඇති අතර එය ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසට අයත් මෙගලිතික නොවන සොහොනක් ලෙස හඳුනාගෙන තිබේ.

සමන්ගල පුරාවිද්‍යා සංකීර්ණය පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ, වැව්ගම්පත්තුව උතුර (උහන) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බණ්ඩාරදූව ග්‍රාම නිලධාරී වසමේ ය.

පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන 170කට වඩා මෙරටින් සොයාගෙන තිබේ.

චතුර පමුණුව




Leave a Reply

Your email address will not be published. Required fields are marked *