රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
විදුලි බිල නිෂ්පාදන පිරිවැයට ගැළපිය යුතුය යන්න රජයේ ස්ථාවරය බවත්, කිසිදු ලෙසකින් මෙවර විදුලි බිල වැඩිවීම පසුගිය දෙසැම්බර් මාසයේ පැවති විදුලි ගාස්තු ඉක්මවා නොයන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“විදුලි බිල නිෂ්පාදන පිරිවැයට ගැළපිය යුතුයි කියන ස්ථාවරයේ රජය ඉන්නවා. දෙසැම්බර් මාසයේ තිබුණු විදුලි බිලට වඩා, කිසිසේත් විදුලි බිල වැඩිවෙන්නේ නැහැ. කර්මාන්තවලටත්, ගෙවල්වලටක්, අනෙකුත් හෝටල් ක්ෂේත්‍රයටත්, දෙසැම්බර් මාසයේ ඔබ ගෙවපු විදුලි බිලට වඩා වැඩි නොවන විදුලි බිලක් ඔබට ලැබේවි. ඒ වෙනුවෙන් රජය කටයුතු කරනවා.”




















